ශ්‍රී ලංකාවේ අමානා බැංකුව, ලොව ශක්තිමත්ම ඉස්ලාමික බැංකු 50 අතරට එක්වීමට සමත් වී ඇත. The Asian Banker මගින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව අමානා බැංකුවට මෙම ස්ථානය හිමි වී තිබේ. මේ අනුව, පොලී රහිත බැංකුකරණ ආකෘතියක් භාවිතා කරන ප්‍රමුඛ පෙළේ බැංකුවක් ලෙස අමානා බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වී ඇත.
මූලික වශයෙන් ශේෂ පත්‍රයේ ශක්තිය අනුව, මූල්‍ය ශක්තිය හා කාර්ය සාධනයට අදාළව, පරිමාණයට ඇති හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම් පැතිකඩ, ලාභදායීත්වය, වත්කම්වල ගුණාත්මකභාවය සහ ද්‍රවශීලතාව යන ප්‍රධාන අංශ 6 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව, ලොව ශක්තිමත්ම ඉස්ලාමික බැංකු 50 ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. එමෙන්ම සමස්ත වත්කම් ප්‍රමාණය, අත්තිකාරම් සහ තැන්පතු වල වාර්ෂික වර්ධනය, අත්තිකාරම් සහ තැන්පතු අතර අනුපාතය, ප්‍රාග්ධන සප්‍රමාණතාව, මෙහෙයුම් ලාභයේ වාර්ෂික වර්ධනය, වත්කම් වලින් ලැබෙන ආදායම, වියදම් සහ ආදායම් අතර අනුපාතය, අක්‍රීය ණය අනුපාතය සහ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය යනාදී සාධකද මෙහිදී සැලකිල්ලට ගන්නා ලදි.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “පසුගිය වසරේදී ලොව ශක්තිමත්ම ඉස්ලාමික බැංකු 100 අතරට එක්වීමට අපට හැකියාව ලැබුණා. ඉන් වසරක කාලයක් ඇතුළත මෙලෙස ලොව ශක්තිමත්ම ඉස්ලාමික බැංකුව 50 අතරට එක්වීම ලැබීම යනු, කෙටි කාලයක් තුළ අප කැපීපෙනෙන දියුණුවක් අත්කරගෙන ඇති බවට සාක්ෂියක්. මැද පෙරදිග සහ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ, ස්ථාවර ඉස්ලාමික බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළත් වන මේ දර්ශකයට ඇතුළත් වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, සහ කොටස් හිමිකරුවන් ඇතුළු සියලුම දෙනාට මාගේ ස්තූතිය හිමිවිය යුතුයි. ඉදිරියේදී දෙවියන්ගේ ආශීර්වාදය සමගින් අපට තව තවත් ඉදිරියට යාමට අවස්ථාව ලැබේවි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2021 නොවැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.