A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ 2022 සම්මාන උළෙලේදී දක්ෂයන් රැසකට සම්මාන

අමානා බැංකුව April 25, 2022

අමානා බැංකුවේ 2022 සම්මාන උළෙල පසුගියදා ‘Rewarding Excellence’ යන තේමාව යටතේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

අමානා බැංකුවේ නිර්මාතෘ- හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා සහ, බැංකුවේ නිර්මාතෘ- හිටපු අධ්‍යක්ෂවරුන් වූ, පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්ණායක වලට අනුව වාණිජ බැංකුවක අධ්‍යක්ෂ ධූරය දැරිය හැකි උපරිම කාලසීමාව වන වසර 9 ක සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය තයිබ් අක්බරලි, ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර සහ මොහොමඩ් ජස්රි ඉස්මායිල් යන මහත්වරුන්ට උපහාර පුදකරමින් සම්මාන උළෙල ආරම්භ විය.

මෙම සම්මාන උළෙලට සහභාගී වීම සඳහා, අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රජීව් නන්ද්ලාල් ද්විවේදි සහ, අමානා බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරුවන් වන IsDB Group නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් වන මොහොමඩ් අතාවුර් රහ්මාන් චෞද්රි සහ සයිඩ් මුහම්මද් අසීම් රාසා යන මහත්වරුද මෙරටට පැමිණියහ. මීට අමතරව අමානා බැංකුවේ සෙසු අධ්‍යක්ෂවරුන් වන ඒරන් රසල් ඩේවිඩ්සන්, ඔමර් කාසිම්, ටිශාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩමලි යන මහත්වරුන්ද, ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාද, බැංකුවේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන්, ශාඛා කළමනාකාරවරුන් සහ සම්මාන සඳහා නාම යෝජනා ලැබූවන්ද මෙම සම්මාන උළෙලට එක්වූ අතර, බැංකුවේ කාර්ය මණ්ඩලයට මාර්ගගත පදනමක් ඔස්සේ මෙය නැරඹීමට අවස්ථාව උදා විය. මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මාන කාණ්ඩය වූයේ, වසරේ විශිෂ්ටතම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත පිරිනමන ලද ප්‍රධාන විධායක නිලධාරී සම්මාන කාණ්ඩයයි. දැඩි ඇගයීම් ක්‍රියාපටිපාටියකින් අනතුරුව විශිෂ්ටයන් 6 දෙනෙක් එම සම්මාන සඳහා සුදුසුකම් ලැබූහ. ඒ අනුව මොහොමඩ් අස්මිල් (කළමනාකරු - Acquisition Channels), සමීර සේනානායක (කළමනාකරු - මෙහෙයුම්), ආසීම් රාලි (අලෙවි හා ආයතනික සන්නිවේදන ප්‍රධානී), නිසාත් මුස්තෆා (කළමනාකරු - මෘදුකාංග සංවර්ධන සහ MIS), උදාර කොඩිප්පිලි (ප්‍රධානී - නැගී එන ආයතන - බස්නාහිර පළාත) සහ අසාම් අමීර් (ව්‍යාපාර ප්‍රධානී - මහනුවර ශාඛාව) යන සාමාජිකයන් වෙත මෙම සම්මාන හිමි විය. මීට අමතරව ආදිල් හනීෆා, අක්‍රම් අසීස්, අස්ලම් ෂහාබ්ඩීන්, ඩිලාන් ජෝසෆ්, ෆවාස් අන්සාර්, හරීන්ද්‍ර මාරසිංහ, ඉම්රාන් රාසික්, මුෂ්ටාක් ජිෆ්රි, නදීකා වීරසේකර, රාසි ජියාඩෝ, රිස්නියා ෆායිස්, සංජීව ෆොන්සේකා සහ ශාකිර් නවාස් යන අයද මෙම සම්මාන සඳහා නාමයෝජනා ලබා තිබිණි.

ශාඛා සම්මාන කාණ්ඩය යටතේ විශිෂ්ටතම ශාඛාව සඳහා වූ රන් සම්මානය නින්දවූර් ශාඛාව වෙත හිමි වූ අතර, එම ශාඛාවේ කළමනාකරු වන මොහොමඩ් නෆීල් මහතා විසින් එම සම්මානය පිළිගන්නා ලදි. මෙම කාණ්ඩයේ රිදී සම්මානය මහනුවර ශාඛාව වෙත හිමි වූ අතර, එය පිළිගන්නා ලද්දේ එම ශාඛාවේ ව්‍යාපාර ප්‍රධානී අසාම් අමීර් මහතා විසිනි. මධ්‍යම පළාතේ විශිෂ්ටතම ශාඛාව සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීමට කුලියාපිටිය ශාඛාව සමත් විය. එම ශාඛාවේ කළමනාකරු ශිරාන් ඊබ්‍රාහිම් මහතා විසින් එම සම්මානය පිළිගන්නා ලදි. මෙම කාණ්ඩයේ රිදී සම්මානය කුරුණෑගල ශාඛාව වෙත හිමි වූ අතර, එය පිළිගන්නා ලද්දේ එම ශාඛාවේ කළමනාකරු හුසේන් සම්සුදීන් මහතා විසිනි. නැගෙනහිර පළාතේ විශිෂ්ටතම ශාඛාව ලෙස සමන්තුරේ ශාඛාව වෙත හිමි වූ සම්මානය, එම ශාඛාවේ කළමනාකරු ෂිරාස් මොහොමඩ් මහතා විසින් පිළිගන්නා ලදි. එම කාණ්ඩයේ රිදී සම්මානය කින්නියා ශාඛාව වෙත හිමි වූ අතර, එය පිළිගන්නා ලද්දේ එම ශාඛාවේ කළමනාකරු ඉම්රාන් බදූර්දීන් මහතා විසිනි. බස්නාහිර පළාතේ විශිෂ්ටතම ශාඛාව සඳහා රන් සම්මානය කොළඹ 03 පිහිටි ප්‍රධාන ශාඛාවටත්, එහි රිදී සම්මානය දෙහිවල ශාඛාවටත් හිමි වූ අතර, ප්‍රධාන ශාඛාව නියෝජනය කරමින් මොහොමඩ් රිම්සාන් මහතා සහ දෙහිවල ශාඛාව නියෝජනය කරමින් ඉර්ෂාඩ් නසීල් මහතා එම සම්මාන පිළිගත්හ.

මීට අමතරව අදාළ කාලසීමාව තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ ආයතනික පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරවරුන්ටද මෙහිදී සම්මාන පිරිනමන ලදි. මෙම කාණ්ඩයේ රන් සම්මානය හරීන්ද්‍ර මාරසිංහ මහතා විසින් දිනාගන්නා ලද අතර, රිදී සම්මාන ජිස්ති මොහොමඩ් සහ අහමඩ් මුෂ්තාක් යන මහත්වරුන් වෙත හිමි විය.

“අමානා බැංකුවේ සම්මාන උළෙල යනු අපගේ පාරිභෝගික කේන්ද්‍රීය සහ, විශිෂ්ට කාර්යසාධනය මත පදනම් වූ ආයතනික සංස්කෘතියට මනා සාක්ෂියක්. මෙහිදී අමානා බැංකුව තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක්වුණා. පසුගිය කාලය තුළ සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් පසුකර යාමට අමානා බැංකුවට හැකියාව ලැබුණේ මේ විශිෂ්ටයන්ගේ උනන්දුව හා කැපවීම නිසයි. ඔවුන් ලබාදුන් ඒ සුවිශේෂී දායකත්වයන් ඇගයීම සඳහා අප මෙම සම්මාන උළෙල සංවිධානය කළා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

“අමානා බැංකුවේ 2022 සම්මාන උළෙලට සහභාගී වෙමින්, මේ විශිෂ්ටයන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරීමට අවස්ථාව ලැබීම මා ලැබූ ගෞරවයක්. අමානා බැංකුව මෙතරම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන්ගේ දායකත්වය නිසයි. ජයග්‍රාහකයන් වෙත උණුසුම් සුබපැතුම් පිරිනමන අතරම, සමස්ත අමානා කාර්ය මණ්ඩලයට මගේ කෘතඥතාව පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Image 1: ප්‍රධාන විධායක නිලධාරී සම්මාන දිනූ සමීර සේනානායක, නිසාත් මුස්තාෆා, මොහොමඩ් අස්මිල්, අසාම් අමීර්, ආසීම් රාලි සහ උදාර කොඩිප්පිලි, අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් යන මහත්වරුන් සමග

Image 2: 2022 ප්‍රධාන විධායක නිලධාරී සම්මාන ලැබූ පිරිස, මීට පෙර එම සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග

Image 3: ශාඛා ජයග්‍රාහකයන් අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග

Image 4: සම්මාන ලැබූ ආයතනික පාරිභෝගික සම්බන්ධතා කළමනාකරුවන් අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග

Image 5: අමානා බැංකුවේ වත්මන් සභාපති අස්ගි අක්බරලි මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, නිර්මාතෘ- හිටපු සභාපති ඔස්මාන් කාසිම් මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වූ අවස්ථාව

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp