ලබා දුන් මූල්‍ය පහසුකම් 16% කින් වර්ධනය වී රු. බිලියන 100 සීමාව පසුකරයි
අමානා බැංකුව සිය ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය අඛණ්ඩව ඉදිරියට යමින්, 2024 සැප්තැම්බර් 30 වන දිනයෙන් අවසන් වූ මාස 9 තුළ රු. බිලියන 1.98 ක බදු-පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2023 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 1.68 ට සාපේක්ෂව 18% ක වර්ධනයකි. ඊට අමතරව බදු-පසු ලාභයද පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 891 ට සාපේක්ෂව 26% ක වර්ධනයක් පෙන්නුම් කරමින් සහ රු. බිලියනයේ සීමාව ඉක්මවා යමින් රු. බිලියන 1.12 ක් ලෙස වාර්තා වී ඇත.
ආර්ථික වර්ධනය දිරිගැන්වීම සඳහා මූල්‍ය පහසුකම්වලට අදාළ මූල්‍ය අනුපාත පහළ යමින් පවතින පසුබිමක් තුළ බැංකුවේ මූල්‍ය පහසුකම් ආදායම රු. බිලියන 11.70 ක් ලෙස වාර්තා වී තිබේ. කෙසේ නමුත් 4.1% ක් වැනි ශක්තිමත් මූල්‍ය පහසුකම් ආන්තිකයක් පවත්වා ගනිමින්, 2023 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 4.85 ට සාපේක්ෂව සිය ශුද්ධ මූල්‍ය පහසුකම් ආදායම රු. බිලියන 5.13 ක් දක්වා 6% කින් වර්ධනය කරගැනීමට අමානා බැංකුවට හැකි වී ඇත.
බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 6.50 ක් වූ අතර, මෙය පෙර වසරට සාපේක්ෂව 4% ක් වැනි සුළු පහළ යාමකි. මූල්‍ය පහසුකම් නැවත අයකර ගැනීමේ ශක්තිමත් ක්‍රමවේදයක් සමග නැවත ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමේ විධිවිධාන ක්‍රියාවට නැංවීම තුළින් සිය අපහායන ගාස්තු (Impairment Charges) 73% කින් අවම කරගැනීමට බැංකුවට හැකි වූ අතර, ඒ හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16% කින් වර්ධනය වී රු. බිලියන 6.11 ක් ලෙස වාර්තා වී තිබේ. මෙහෙයුම් පිරිවැය ඉහළ ගිය නමුත් වියදම් හා ආදායම් අතර අනුපාතය 53% ක් වැනි යහපත් මට්ටමක පවත්වා ගැනීමට බැංකුව සමත් වූ අතර, මේ හේතුවෙන් මූල්‍ය සේවාවන් මත අය වන එකතු කළ අගය මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 6% කින් වර්ධනය වී රු. බිලියන 2.69 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ සමස්ත බදු දායකත්වය රු. බිලියන 1.57 ක් වූ අතර, මෙය සියලු බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 58% ක් වැනි සැලකිය යුතු අගයකි. මෙම කාලසීමාවට අදාළ සමස්ත පරිපූර්ණ ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 24% ක් වැනි යහපත් මට්ටමකින් වර්ධනය වී රු. බිලියන 1.10 ක් ලෙස සනිටුහන් වී ඇත.
පොලිය මත පදනම් නොවූ බැංකු සේවාවන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් අතර පවතින උනන්දුව ඉහළ යාමට සමගාමීව, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ අමානා බැංකුවේ අත්තිකාරම් සහ තැන්පතු එකතුව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී තිබේ. බැංකුව අනුගමනය කරන සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රවේශය පිළිබිඹු කරමින් පාරිභෝගිකයන් වෙත නිකුත් කළ අත්තිකාරම් ප්‍රමාණය රු. බිලියන 15 කින්, එනම් 16% කින් වර්ධනය වී රු. බිලියන 100ක සන්ධිස්ථානය පසුකරමින් රු. බිලියන 104.42 ක් ලෙස සටහන් වූ අතර, 3 වන මට්ටමේ අපහායන අනුපාතය (Stage 3 Impairment ratio) ක්ෂේත්‍රයේ අවම අගයක් වන 1.4% මට්ටමේ පැවතිණි. අදාළ මාස 9 තුළ 10% ක යහපත් වර්ධනයක් පෙන්නුම් කළ පාරිභෝගික තැන්පතුවල වටිනාකම 3 වැනි කාර්තුව අවසානයේදී රු. බිලියන 145.72 ක් වූ අතර, ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ක්ෂේත්‍රයේ කැපීපෙනෙන මට්ටමක, එනම් 42.3% ක් ලෙස පැවතිණි. බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 172.52 ක් වූ අතර, කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 41.40 ක් දක්වා ඉහළ ගියේ ය. අදාළ මාස 9 තුළ පෙන්නුම් කළ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය සහ වත්කම් මත ප්‍රතිලාභය පිළිවෙළින් 6.7% ක් සහ 1.6% ක් ලෙස වාර්තා වී තිබේ. අමානා බැංකුවේ පොදු කොටස් පළමු පෙළ සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 15.5% සහ 18.1% ලෙස පැවති අතර, මෙය අවම නියාමන සීමාවන් වූ 7% 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයන් වේ.
තුන්වැනි කාර්තුවේදී Fitch Ratings Sri Lanka විසින් අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය BB+(lka) සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka), with a stable outlook’ දක්වා උසස් කරන ලදි. මෙමගින් අමානා බැංකුවේ අනාගත දියුණුව සහ ව්‍යාප්තිය සඳහා අවස්ථා රාශියක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම බැංකුව විසින් මෑතකදී අඛණ්ඩව 7 වන වරටත් ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත්කරන ලදි. රු. මිලියන 661 ක් වන එම ලාභාංශ ගෙවීම බැංකුවේ ඉතිහාසයේ ඉහළම ලාභාංශ ගෙවීම වන අතර, එහි වටිනාකම පසුගිය වසරේ ලාභාංශ ගෙවීම මෙන් දෙගුණයකි.
“මුළු රටේම අවධානය මැතිවරණය වෙත යොමු වී තිබූ කාර්තුවක, අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා අමානා බැංකුව යළිත් වරක් තම ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන දර්ශක තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගෙන තිබෙනවා. දිගින් දිගටම අමානා බැංකුවේ වර්ධනය හා සෞභාග්‍යය වෙනුවෙන් ලබාදුන් දායකත්වය උදෙසා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අපගේ වටිනා පාර්ශ්වකරුවන් සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.
“වසරේ මුල් මාස 9 තුළ අමානා බැංකුව මෙබඳු ශක්තිමත් කාර්යසාධනයක් ප්‍රදර්ශනය කිරීම අපට මහත් සතුටක්, තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා අප සතු හැකියාව එමගින් පිළිබිඹු වනවා. සංවර්ධනය ඉලක්ක කරගත් සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය සමග විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් සහ කාර්යක්ෂම මෙහෙයුම් නිසා අපට අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීමට යළිත් වරක් හැකියාව ලැබුණා. අප වෙත ලබාදුන් සහයෝගය සහ අප කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, කොටස් හිමියන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ යන මෙහෙවර ඔස්සේ ඉදිරියට යන අතර, 2024 වසර අවසානය වන විට මීටත් වඩා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරගැනීමට අපට හැකි වනු ඇතැයි අප සුභවාදී ලෙස විශ්වාස කරනවා.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
Image Captions: අස්ගි අක්බරලි මහතා සභාපති ,මොහොමඩ් අස්මීර් මහතා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී