• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව යළි වරක් Global Finance World සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ

අමානා බැංකුව July 1, 2024

‘Global Finance USA’ විසින් අඛණ්ඩව 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘World’s Best Bank Awards’ (2024) සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ආයතනය’ ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල මෙම වසර අවසානයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ/ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර පැවැත්වීමට නියමිත ය.

මූල්‍ය ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන් කීර්තියක් දිනා සිටින Global Finance USA, මූල්‍ය ක්ෂේත්‍රයට රාජ්‍ය, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් සමාගම් සහ ආයතන වාර්ෂිකව මෙසේ ඇගයීමට ලක්කරයි. මෙම සම්මාන උළෙලේදී ලොව පුරා මේ වනවිට වර්ධනය වෙමින් පවතින, පොලිය පදනම් කර නොගත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට අයත් සමාගම් හා ආයතනද ඇගයීමට ලක් වේ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ තම අදහස් පළකළේ ය. “බැංකුකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම මෙලෙස ගෝලීය සම්මාන උළෙලකදී ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. මීට පෙර Global Finance වෙතින් ලෝකයේ විශිෂ්ටතම නැගී එන ඉස්ලාමීය බැංකුව ලෙස ඇගයීමට ලක්වීමට අපට හැකි වුණා. මෙම සම්මානය, සංවර්ධනය මූලික කරගත් මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියක් ඔස්සේ රටේ ආර්ථික වර්ධනය බලගැන්වීම සඳහා අප දරන ප්‍රයත්නයට මනා සාක්ෂියක්. අප වෙත ලබාදුන් මගපෙන්වීම වෙනුවෙන් අපගේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, අඛණ්ඩව අප වෙත සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලය, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාටත් අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූප : අමානා බැංකුව ‘World’s Best Bank Awards’(2024)සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමික මූල්‍ය ආයතනය’ ලෙස ඇගයීමට ලක් වේ.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp