අමානා බැංකුවේ කොටස් ඒකාබද්ධ කිරීම සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බව එම බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත පසුගියදා දැනුම් දෙන ලදි. ඒ අනුව, බැංකුවේ සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10 ක්ම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1 ක් බවට ඒකාබද්ධ කෙරෙනු ඇත. පසුගියදා පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධ විශේෂ යෝජනාවක් ඒකමතිකව සම්මත විය.
මෙම ඒකාබද්ධකරණයෙන් අනතුරුව, මීට පෙර 5,511,257,461 ක් වූ අමානා බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 551,125,746 ක් බවට පත්වනු ඇත. මෙම ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සහ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සතු වාර්තා යාවත්කාලීන කිරීම සඳහා අමානා බැංකුවේ කොටස් හුවමාරු කටයුතු 2024 ජූලි 08 දින සිට 2024 ජූලි 12 දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ලබන අතර, එම කටයුතු 2024 ජූලි 15 දින නැවත ආරම්භ කෙරෙනු ඇත.
“මෙම ඒකාබද්ධකරණ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපගේ කොටස් හිමියන්ට අප ස්තූතිවන්ත වනවා. මෙම පියවර මගින් කොටස් මිලගණන්වල අස්ථාවරත්වය අඩු වී අනෙක් බැංකු සමග තුලනාත්මකභාවය ඉහළ යනු ඇති බවත්, වඩාත් යහපත් ආයෝජක අනුපාත ප්‍රදර්ශනය වනු ඇති බවත් අප විශ්වාස කරනවා. මෙමගින් අමානා බැංකුව වෙළඳපොළ තුළ වඩාත් ආකර්ෂණීය ආයෝජක තෝරාගැනීමක් බවට පත්වේවි.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූපය: අස්ගි අක්බරලි මහතා සභාපති - අමානා බැංකුව