• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ පුත්තලම ශාඛාව වැඩි පහසුකම් සහිත නව ස්ථානයක විවෘත කෙරේ

අමානා බැංකුව July 15, 2024

අමානා බැංකුව සිය පුත්තලම ශාඛාව වැඩි ඉඩපහසුකම් සහිත, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දැන් අමානා බැංකුවේ පුත්තලම ශාඛාව අංක 34, කුරුණෑගල පාර, පුත්තලම යන ස්ථානයේ පිහිටා තිබේ. තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. නව ශාඛාව නිල වශයෙන් විවෘත කිරීම අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ඒ සඳහා අමානා බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී අලී වාහිද් යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසීන්, ප්‍රාදේශීය බලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

නව ශාඛාව වෙතින් ගනුදෙනුකරුවන්ට බැංකු ගිණුම්, රථවාහන මූල්‍ය පහසුකම්, නිවාස මූල්‍ය පහසුකම්, පෞද්ගලික මූල්‍ය පහසුකම්, රන් සහතිකපත් මූල්‍ය පහසුකම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා සහ ජාත්‍යන්තර වෙළඳ සේවා ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැකි අතර, සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම සඳහා ස්වයං-බැංකුකරණ ඒකකයක් ද පිහිටුවා තිබේ.

“අප මුලින්ම පුත්තලම ප්‍රදේශයේ අමානා බැංකු ශාඛාවක් විවෘත කළේ 2013 වර්ෂයේදීයි. මෙම ප්‍රදේශයේ ජනතාවට පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අද දිනයේදී මේ ආකාරයට මෙම ශාඛාව වැඩි පහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට ලැබීමට අපට මහත් සතුටක්. මෙම ප්‍රදේශයේ ජීවත් වන අපගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වර්ධනය වීම නිසා මෙන්ම, ඔවුන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප නිරන්තරයෙන් කැප වී සිටින නිසා මෙම පියවර ගැනීමට අප තීරණය කළා. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ බැංකුකරණ අත්දැකීමක් හිමිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. එමෙන්ම මෙගින් අපට වඩාත් කාර්යක්ෂම ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව සමග සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ මූල්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබේවි.” අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp