A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව හිමිකම් නිකුතුවට අදාළ දිනයන් ප්‍රකාශයට පත්කරයි

අමානා බැංකුව August 31, 2023

අමානා බැංකුවේ එළැඹෙන හිමිකම් නිකුතුවට අදාළ දිනයන් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. 2023 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත අතිවිශේෂ මහා සභා රැස්වීමේදී බැංකුවේ 1:1 හිමිකම් නිකුතුව සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිමිකම් නිකුතුවේ හිමිකම් රහිත පළමු දිනය (XR date) ලෙස සැප්තැම්බර් 22 දින නියම කර ඇති අතර, වාර්තා කිරීමේ සහ හිමිකම් කොටස් ලබාදීමේ (Recording and provisional allotment) දිනය සැප්තැම්බර් 26 ලෙස නියම කර ඇත. හිමිකම් කොටස් ලබාදීමට අදාළ ලිපි ඔක්තෝබර් 05 දින වන විට නිකුත් කිරීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි. කොටස් අලෙවිය ඔක්තෝබර් 11 දින ආරම්භ වන අතර, CDS වෙත හිමිකම් අත්හැරීමේ (Renunciation to the CDS) අවසන් දිනය ඔක්තෝබර් 18 ලෙස නියම කර ඇත. හිමිකම් නිකුතුවට අදාළ ගෙවීම් භාරගැනීම ඔක්තෝබර් 24 දින දක්වා සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී අලී වාහිද් මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම හිමිකම් නිකුතුව, අපගේ මූල්‍ය පදනම හා වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත් තීරණාත්මක පියවරක්. කොටස් හිමියන් වෙත ලැබෙන වටිනාකම ඉහළ නැංවීමට අප සෑම විටම කැප වී සිටිනවා. මෙම හිමිකම් නිකුතුවට ආයෝජකයන් ඉමහත් උනන්දුවෙන් දායක වනු ඇතැයි කියා අපට විශ්වාසයි.”

මෙම හිමිකම් නිකුතුවේදී කොටස් ප්‍රාග්ධනය වශයෙන් රු. බිලියන 6.7 ක මුදලක් රැස්කිරීමේ අරමුණින් කොටසක් රු, 2.30 බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,902,267,365 ක් නිකුත් කිරීමට අමානා බැංකුව සැලසුම් කර ඇත. මෙය අමානා බැංකුවේ ක්‍රමෝපායික වර්ධනය මෙන්ම, වේගයෙන් දියුණු වන මූල්‍ය ක්ෂේත්‍රය තුළ අමානා බැංකුවට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කිරීමට දායක වීම සඳහා ආයෝජකයන්ට ලැබෙන අගනා අවස්ථාවකි.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp